බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට ආ අනවසර සංක්‍රමණිකයින් රඳවා ඇති මානුස් දිවයිනේ සරනාගත කදවුර වසා දැමීමේ සුදානමක් (SBS සිංහල /වාර්තා)

papua

Source: AAP

මානුස් දිවයිනේ රදවා සිටින ඉතිරි සරණාගතයන් පිරිස නැවත පදිංචි කිරීම සදහා කාල සටහනක් ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු රජය හා PNG රජය එකග වී තිබේ . දැනට එම දිවයිනේ රැදවියන් 350ක් පමණ සිටින බවට වාර්තා වේ. PNG හි අග්‍රාමාත්‍ය James Marape සිය ඕස්ට්‍රේලියානු සංචාරයේදී මේ පිලිබදව අග්‍රාමාත්‍ය Morrison සමග  සාකච්චා කොට තිබේ.
කැන්බරා නුවරදී Marape මහතා ප්‍රකාශ කොට ඇත්තේ රටවල් දෙකටම තව දුරටත් මේ සම්බන්ධයෙන්  කටයුතු කිරීමට තිබෙන බවයි . නවසීලන්තය විසින් භාර ගැනීමට එකග වූ සරණාගතයන් 150දෙනා ලබා දීමට ඔස්ට්‍රේලියාව අකමැති වුවද PNG රජය ඒ සම්බන්ධව නවසීලන්තය සමග කෙලින්ම එකගතාවයකට එලබීමට සුදානම්.

PNG නායකයා පවසා ඇත්තේ සාමාන්‍ය වැදගත්කමකින් යුතුව port Moresby හා මානුස් හි වෙසෙන රැදවියන් පිලිබදව ඔවුන් තීරණ ගන්න බවයි. අග්‍රාමාත්‍ය Morrison මෙහිදී පවසා ඇත්තේ දැනටමත් රැදවියන් 260 දෙනෙකු ඇමෙරිකාවට යවා ඇති බවත් සිය සරණාගත භාවය තහවුරු කල නොහැකි වූ සරණාගතයින්ට නැවත සිය මව් රට බලා යන ලෙසයි

මානුස් අග්රාන්ඩුකාරවරයාගේ බලපෑම්

මෙයට සහභාගී වූ මානුස් අග්රාන්ඩුකාරවරයා වන Charlie Benjamin මෙහිදී ඕස්ට්‍රේලියානු රජයට පවසා ඇත්තේ නවසීලන්තය විසින් රැදවියන් භාර ගැනීම සදහා ලබා දෙන අවස්තාවට එකග වන ලෙසයි. එමගින් ඔවුන්ට ඉක්මනින්ම රටකට ගොස් ස්ථාපිත වීමට අවස්තාව ලැබෙන බව ඔහු පවසයි. ඔහු පවසන්නේ මානුස් වලින් නාවුරු වෙත මේ රැදවියන් මාරු කිරීම අර්ථ විරහිත බවයි. එසේම සමහර සරණාගතයින් නිසා එම දුපතේ කාන්තාවන් ට දරුවන් සිටියද ඔවුන් දැන් එම කාන්තාවන් හැර ගොස් ඇති බවද ඔහු පවසයි.

PNG සබදතා

Marape මහතා Morrison රජය නැවත බලයට පත් වීමෙන් පසුව පැමිණි ප්‍රථම රාජ්‍ය නායකයා වන අතර දෙරට අතර සබදතා වර්ධනය සදහා වාර්ෂිකව හමුවීමට නායකයන් දෙදෙනා තීරණය කල බවද සදහන්. අග්‍රාමාත්‍ය Morrison මෙහිදී පවසා ඇත්තේ මෙය මිතුරන් අතර සබදතාව වර්ධනය කිරීමක් බවයි

පැසිෆික් කලාපයේ ඔස්ට්‍රේලියාවේ ආර්ථික හා ආරක්ෂක සහයෝගීතාව වර්ධනය සදහා වන Pacific step-up නම් වැඩසටහනට සහභාගී වන ලෙසද PNG නායකයා ගෙන් අග්‍රාමාත්‍ය Morrison ඉල්ලා තිබේ. Marape මහතා විපක්ෂ නායක Anthony Albanese මහතාද හමුවනු ඇති 

මේ අතර පසුගියදා ග්‍රීන්ස් සෙනට් සභික Nick Mckim හට මානුස් කදවුර වෙත ඇතුල් වීමට ගොස් සිටි අවස්ථාවේ එම දුපතෙන් ඉවත්ව නැවත ඔස්ට්‍රේලියාවට ඒමටද සිදු වුනා. මේ අතර පසුගිය සෙනසුරාදා ඔස්ට්‍රේලියාව පුරා ඕස්ට්‍රේලියාවෙන් පිටත රැදවුම් කදවුරු ඉවත් කරන ලෙස විරෝධතා ද ක්‍රියාත්මක විය . Rudd රජය විසින් මෙම ඕස්ට්‍රේලියාවෙන් පිටත රැදවුම් කදවුරු ආරම්භ කොට දැන් වසර 6ක් ගතවී තිබේ
sbs
Source: SBS

Share
Published 23 July 2019 6:57am
Updated 23 July 2019 7:39am
By Charitha Adikari
Source: SBS News

Share this with family and friends