ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙක් ඊයේ (04/08) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තා වේ.
නීතිවිරෝධී ක්‍රම භාවිතා කරමින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටියදී මෙම පිරිස එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන රැදවුම් මධ්‍යස්ථානවල රඳවා තබා ගෙන සිටි බව සඳහන්.
කටුනායක ගුවන් තොටුපොළේ දී මෙම පිරිස ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාර දීමෙන් පසු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් ගැනීමෙන් පසු නිදහස් කළ බව වාර්තා වේ.