වසර 43 කට පසුව ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩිකාවක් ලොව අංක එක බවට පත්වෙයි.

Ashleigh Barty

Source: SBS

ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩිකා Ashleigh Barty ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව ලෙස කිරුළු පළඳියි.

Birmingham Classic ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයේදී ජර්මානු ක්‍රීඩිකා Julia Goerges ව 6-3 ක් සහ 7-5 ක් ලෙස පරාජයට පත් කරමින් මෙවර Birmingham කාන්තා ශූරතාව දිනගනීමත් සමග Ashleigh Barty ටෙනිස් ක්‍රීඩිකාවන අතරින් ලොව අංක බවට පත්විය.

ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩිකාවක් ලොව අංක එක බවට පත්වුයේ 1976 වසරෙන් පසුව වීමද සුවිශේෂී සිදුවීමක් විය.

1976 වසරේදී ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩිකා Evonne Goolagong Cawley ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව ලෙස කිරුළු පැළඳීමට සමත් වුවාය.

කෙසේනමුත්, තමන්ව Evonne Cawley හට සමාන කිරීමට නොව ලං කිරීමට පවා නොහැකි බව Ashleigh Barty පැවසුවාය.


Share
Published 24 June 2019 11:31am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends