ඕස්ට්‍රේලියානු මැතිවරණ ක්‍රමය පිළිබද ඔබ දැනුවත්ද ? (SBS සිංහල /වාර්තා)

voters

Source: AAP

ඔස්ට්‍රේලියාව තුල චන්දය පාවිච්චි කල හැකි අය


වයස අවු 18ට වැඩි සියලු ඔස්ට්‍රේලියානු පුරවැසියන් චන්දය ප්‍රකාශ කල යුතුයි. නමුත් ඒ සදහා චන්ද හිමි නාම ලේඛනයේ ලියා පදිංචි විය යුතුයි. නමුත් වාර්තා වන්නේ ඕස්ට්‍රේලියානුවන් 600,000 පමණ ලියා පදිංචි වී නොමැති බවයි. ඒ අනුව මේ මැතිවරණය සදහා ලියා පදිංචි වීමට අප්‍රේල් 18 වැනිදා රාත්‍රී 8ට පෙර ඔබට පුළුවන්

මැතිවරණය දා සිදු වන්නේ කුමක්ද ?


ඔබට චන්ද මධ්‍යස්ථානයට ගොස් චන්දය ප්‍රකාශ කල හැකි අතර බොහෝ විට පක්ෂ ආධාරකරුවන් ලබා දෙන sausage roll රස විදීමටත් හැකි වේ ඔබට සෙනට් සභාව සදහා සුදු පැහැ චන්ද පත්‍රිකාවක් හා පහල මන්ත්‍රණ සභාව සදහා කොළ පති පත්‍රිකාවක් ලැබේ
bill shorten
Source: AAP

පහල මන්ත්‍රණ සභාව


මෙම සභාවේ බහුතරය ඇති පක්ෂය ආණ්ඩු කරයි . මෙම පත්‍රිකාවේ සියලු අංක සදහා වන අපේක්ෂකයන්ට ඔබේ මනාපය ප්‍රකාශ කළයුතු වේ
ඕස්ට්‍රේලියාවේ අසුනකින් 50%ක් වත් අංක 1 මනාපය හිමි කරගන්න අපේක්ෂකයා එම අසුන ජයග්‍රහණය කරයි.
මෙවර අසුන් 151 සදහා අපේක්ෂකයන් තරග වැදේ
house
Source: AAP

මනාප ක්‍රමය


චන්ද පත්‍රිකාවේ සියලු කොටු වල ඔබේ මනාපය පිලිවෙලින් සටහන් කිරීම තුලින් වැඩිම මනාපය හිමි අපේක්ෂකයාට අවස්තාව හිමි වේ

කිසිම අපේක්ෂකයෙකු 50%ක් වත් 1වැනි මනාපය නොගත හොත් අඩුම මනාප හිමි අපේක්ෂකයා ඉවත් කොට 2වැනි මනාපය වැඩියෙන් හිමි වූ අපේක්ෂකයාට අවස්තාව හිමි වේ

රජය පිහිටුවීම

සියලු ආසන වල ජයග්‍රාහකයන් එක පක්ෂයකින් 76ක් වත් ඇති නම් ඔවුන්ට රජයක් පිහිටුවිය හැකියි.
එම පක්ෂයේ නායකයා අගමැති වන අතර ප්‍රධාන පක්ෂ 2ටම බහුතාරක නැති නම් එය hung පාර්ලිමේන්තුවක් ලෙස හැඳින්වේ

සෙනට් සභාව

සෑම ප්රාන්තයෙන්ම සෙනට් සභාවට නියෝජිතයන් 6 දෙනෙකු බැගින් තොර ගැනේ

territory 2 සදහා එක territory එකකට නියෝජිතයන් දෙදෙනෙකු තොර ගැනේ

සෙනට් චන්ද පත්‍රිකාවේ above the line හා below the line ලෙස ක්‍රම දෙකකට චන්දය ලබා දිය හැකි අතර above the line  සදහා පක්ෂ හෝ කණ්ඩායම් 6කට පමණත් below the line සදහා අපේක්ෂකයන් 12ට පමණ මනාපයද ලබා දිය යුතු වේ 


Share
Published 16 April 2019 10:13pm
Updated 16 April 2019 10:28pm
By Charitha Adikari
Source: SBS News

Share this with family and friends