ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් යයි පවසා හතර වටේට ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුම් පිළිබඳ සම්පූර්ණ විස්තරේ මෙන්න.(SBS සිංහල/වාර්තා)

ATO Scam call

Source: Flickr

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් (ATO) යයි පවසා ඔබට පසුගිය දිනෙක දුරකථන ඇමතුමක් ලැබුණාද?

ඔබ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට මෙතරම් මුදලක් ගෙවිය යුතු බවත් එය නොගෙවුවහොත් ඔබව වහාම අත්අඩංගුවට ගැනීමට සිදුවනු ඇති බවත් වහාම ඔබගේ දුරකතන තිරයේ දිස්වන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙසත් පවසමින් මේ දින වල වංචා දුරකථන ඇමතුම් (scam calls) ඔස්ට්‍රේලියාවේ වාසය කරන ඔබට ලැබීමට බොහෝ විට ඉඩකඩ තිබේ.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

මේ වන විට බහුතරයකට මෙම scam ඇමතුම ලැබී ඇති බවත් ඒ හරහා අදාළ පුදග්ලයින්ගේ මුදල් සොරාගැනීමේ සිදුවීම් රාශියක් වාර්තා වී ඇති බවත් ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
ATO Scam call
Source: Getty Images

ATO scam ඇමතුම්

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් යයි පවසා මෙවැනි වංචාසහගත ඇමතුම් ඔස්ට්‍රේලියානු වාසීන් හට ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති බවට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය මීට මාස කිහිපයකට පෙර සියලු ඔස්ට්‍රේලියානුවාසීන් හට අනතුරු ඇඟවීමක් සිදු කළේය.

කෙසේවෙතත් ගතවූ නොවැම්බර් මාසය ඇතුළත පමණක් මෙවැනි අන්දමේ scam ඇමතුම් නිසා ඔස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයින්ගෙන් ඩොලර් 800,000 කට අධික මුදලක් වංචනිකව සොරාගෙන ඇති බවට වාර්තා වේ.

මේ තත්ත්වය සුනාමියක් ලෙස මේ දිනවල අධික වේගයෙන් පැතිරෙමින් පවතින අතර සියලු ඔස්ට්‍රේලියානු වාසීන්ට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය මේ සම්බන්ධව නැවත වරක් අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ නවතම දත්ත වලට අනුව පසුගිය මාසයේ පමණක් මෙවැනි scam ඇමතුම් පිළිබඳ සිද්ධි 37,000 ක් ඔස්ට්‍රේලියාව පුරාම නිල වශයෙන් වාර්තා වී තිබේ.

මෙම වංචා සහගත දුරකතන ඇමතුම් පිළිබඳ අනතුරු ඇඟවීම් සිදුකිරීම වැඩි වන තරමට ඒවා ක්‍රියාත්මක කරන වංචනිකයින් එම scam ඇමතුම් ලබා දීමේ ක්‍රමෝපායන් වෙනස් කරන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස්  Kath Anderson පවසා ඇත.
ATO Scam call
Source: Flickr

බහුලව ලැබෙන වංචාසහගත ඇමතුම්

මේ දිනවල ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් (ATO) යයි පවසා බහුලවම ලැබෙන වංචාසහගත දුරකතන ඇමතුම රොබෝ හඬකින් යුක්ත එකකි.

"If we don't hear from you we have to issue an arrest warrant under your name and get you arrested." යනුවෙන් එම ඇමතුමෙන් ඔබට තර්ජනාත්මකව ආමන්ත්‍රණය කරයි.

එහි දුරකතන අංකයක් දිස්වන අතර එම අංකයට ඔබට වහාම ආමන්ත්‍රණය කරන ලෙසට ඔවුන් බල කර සිටියි.
එමෙන්ම අනෙකුත් වංචාසහගත ඇමතුම් වලින් ඔබට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට මෙපමණ මුදලක් ගෙවීමට ඇති බව පවසමින් ඔබෙගේ පුද්ගලික තොරතුරු, මුල්‍ය හා බැංකු ගිණුම් මෙන්ම ක්‍රෙඩිට් කාඩ් තොරතුරුද ඉල්ලා සිටියි.

එම ඇමතුම් වල බොහෝ විට ඔස්ට්‍රේලියානු දුරකතන අංක දිස්වන අතර ඇතැම් ඒවායේ විදෙස් රටවල දුරකතන අංක දිස්වේ.
ATO Scam call
Source: Flickr

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් ලැබෙන නියම ඇමතුම්

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් ඇමතුමක් ලබා දීමේදී අදාළ දුරකතන අංකය ඇමතුම ලබන්නාගේ දුරකතන තිරයේ දිස් නොවන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස්  Kath Anderson පවසයි.

ඒ අනුව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් යයි පවසා ඇමතුමක් ලැබුණු විට ඔබගේ දුරකතනයේ යම් අංකයක් දිස්වෙයි නම් නිසැකවම එය ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් නොවන බව ඔබ තීරණය කළ යුතු බව Kath Anderson පැහැදිලි කරයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය තම සේවා දායකයින්ව දුරකතන ඇමතුම්, කෙටි පණිවිඩ හෝ ඊමේල් මගින් අමතන නමුත් ඒ සෑම විටම හැකි තරම් සුපරික්ෂාකාරී වී තමන් අමතන්නේ නිසැකයෙන්ම ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ද යන්න  තහවුරු කරගන්නා ලෙසද ඔහු  ඔස්ට්‍රේලියානු වාසීන්ට දැනුම් දෙයි.

එමෙන්ම ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය කිසිවිටෙකත් පහත සඳහන් විධි ක්‍රම වලට තම සේවා දායකයින්ව ආමන්ත්‍රණය නොකරන බවද ඔහු පෙන්වා දුන්නේය.

  • තර්ජනාත්මකව අමතා ඔබව සිර කරන බවට හෝ අත්අඩංගුවට ගන්නා බවට කෲර ලෙස ඇමතීම.
  • iTunes, pre-paid visa cards හෝ cryptocurrency හරහා ණය හෝ හිඟ මුදල් ගෙවීමට පැවසීම.
  • ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය සතුව ඔබට නිදහස් කිරීමට ඇති යම් මුදලක් වෙතොත් එය නිදහස් කිරීමට ගාස්තුවක් ඉල්ලා සිටීම.
  • ඔබගේ පුද්ගලික විස්තර, මුල්‍ය හා බැංකු ගිණුම් විස්තර හෝ ක්‍රෙඩිට් කාඩ් විස්තර ඉල්ලා ඇමතුම් දීම, කෙටි පණිවිඩ හෝ ඊමේල් යැවීම.
  • ඔබට ක්ලික් කරන්න යනුවෙන් ඉල්ලා විවිධ ඊමේල් යැවීම.
ATO Scam call
Source: AAP

ඔබ කුමක් කළ යුතුද?

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් (ATO) යයි පවසා ඔබට යම් සැකසහිත ඇමතුමක්, කෙටි පණිවිඩයක් හෝ ඊමේල් පණිවිඩයක් ලැබුණොත් කලබල නොවන ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ඔබට පවසයි.

එමෙන්ම කිසි ලෙසකින් හෝ ඔබගේ මොනයම් තොරතුරක්වත් ඔවුන්ට ලබා නොදෙන ලෙසත් අදාළ දුරකතන අංක වෙත නැවත ඇමතුම් ලබා නොදෙන ලෙසත් ඔවුන් දන්වා සිටියි.

ඔබට යම් වංචාසහගත ඇමතුමක්, කෙටි පණිවිඩයක් හෝ ඊමේල් පණිවිඩයක් ලැබුණොත් ඒ පිළිබඳ 1800 008 540 දුරකතන අංකය හරහා ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට දැනුම් දෙන ලෙසද ඔවුන් පවසයි.

එමෙන්ම මේ සම්බන්ධව ඔබට වැඩි විස්තර www.scamwatch.gov.au වෙබ් අඩවියෙන්ද ලබා ගත හැකිය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

------------------------------------------------------------------------------------------------

Share
Published 6 December 2018 12:25pm
Updated 7 December 2018 1:36pm
By Madhura Seneviratne

Share this with family and friends