ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොල වල ඉදිරියේදී ගුවන් මගීන්ට තම ගුවන් ගමන් බලපත්‍රය කවුන්ටර වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාව පුරා ඇති ගුවන් තොටුපොළවල ස්වයංක්‍රීය ගේට්ටු හෙවත් smart gates 105 ක් ඉදි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton නිවේදනය කළේය.
ඒ සඳහා ඩොලර් මිලියන 22.5 ක් වෙන් කිරීමට අපේක්ෂා කරන අතර දෙවැනි අදියරේදී තවත් smart gates ඉදි කිරීමට අපේක්ෂිත බවද ඔහු පවසා ඇත.
ඒ අනුව බොහෝ රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ගුවන් මගීන් හට මුහුණු හඳුනාගැනීමේ උපකරණ වෙත තම මුහුණ හොවමින් තම අනන්‍යතාව ඔප්පු කළ හැකිවේ.
ජාත්‍යන්තර ගුවන් මගීන් තම ගුවන් යානයට යාමේදී ඇතිවන දිගු පෝලීම් ද මෙමගින් නැති වන බව අමාත්‍ය Peter Dutton පැවසීය.