මෙල්බර්න් first-home buyers ලා අතර ජනප්‍රියම උප නගර මෙන්න. (SBS සිංහල/වාර්තා)

first-home buyer

Source: SBS

ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලට ගැනීම හෝ අලුතින් නිවසක් ඉදිකිරීම ඔස්ට්‍රේලියාවේ වාසය කරන සෑම පුද්ගලයෙකුගේම ඇති ප්‍රධාන සිහිනයකි.

එහිදී first-home buyers හෙවත් පළමු නිවාසය මිලට ගන්නන් සුවිශේෂී වේ.

එළඹෙන ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී ලිබරල් සන්ධානය නැවත බලයට පත් වුවහොත් ඔස්ට්‍රේලියාවේ first-home buyers ලාට නිවසක් මිලට ගැනීමේදී තැබිය යුතු මූලික මුදල් තැන්පතුව නිවසේ මුළු වටිනාකමින් 5% ක් බවට පත් කිරීමට ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පසුගිය ඉරිදා පොරොන්දු විය.
Australia is experiencing a residential building boom.
Source: AAP

මෙල්බර්න් first-home buyers ලාගේ ජනප්‍රියම උප නගර

නිවසක් මිලට ගැනීමේදී ඕනෑම පුද්ගලයෙකු ප්‍රථමයෙන් සලකනු ලබන්නේ එම නිවාසය පිහිටි ප්‍රදේශයයි.

තමන්ට දැරිය හැකි මුදලකට ජීවත්වීමට සුදුසු පරිසරයක් සහිත සමූලික පහසුකම් වලින් සමන්විත suburbs හෙවත් උප නගර ඒ අනුව ඔවුන් තෝරාගනී.

වික්ටෝරියා ප්‍රාන්ත ආදායම් කාර්යාලයේ නවතම දත්ත වලට අනුව නිවසක් මිලට ගැනීමේදී හෝ අලුතින් ඉදි කිරීමේදී මෙල්බර්න් first-home buyers ලාගේ ජනප්‍රියම උප නගර Domain වෙබ් අඩවිය ලැයිස්තුගත කර තිබේ.

එහිදී විශේෂයෙන්ම මෙල්බර්න් උතුරු කලාපය මෙන්ම ගිනිකොණ දිග මෙල්බර්න් කලාපයද මෙල්බර්න් first-home buyers ලා අතර ඉමහත් ජනප්‍රිය බව පෙනී ගොස් තිබේ.

2019 වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා යොමු කෙරුණු First-home buyer grant අයදුම්පත් සලකා බැලීමෙන් මෙම දත්ත සකස් කර තිබේ.

එහිදී 3064 දරන postcode යට අයත් Craigieburn, Kalkallo, Mickleham සහ Roxburgh Park යන උප නගර මෙල්බර්න් first-home buyers ලාගේ ජනප්‍රියම උප නගර ලෙස සටහන් වී තිබේ.

3978 දරන postcode යට අයත් Cardinia, Clyde යන උප නගර එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයටත් 3029 දරන postcode යට අයත් Hoppers Crossing, Tarneit, Truganina යන උප නගර ලැයිස්තුවේ තුන්වන ස්ථානයටත් පත්ව තිබේ.

පසුගිය වසරේ මෙම කාලය තුළදී ද මෙම උප නගර මෙල්බර්න් first-home buyers ලාගේ ජනප්‍රියම උප නගර ලෙසට පත්වී තිබුණි.
first-home buyer
Source: Domain

ජනප්‍රිය වීමට හේතු

නිවසක මුළු වටිනාකම $600,000 ට වඩා අඩු නම් ඒ සඳහා first-home buyer grant දීමනාව හෝ වෙනත් වට්ටම් හෝ මුද්දර ගාස්තු ගෙවීමට සිදු නොවීම හෝ යන ප්‍රතිලාභ ලැබේ.

ඒ අනුව මෙල්බර්න් කලාපයේ එම වටිනාකමින් යුතු ජීවත්වීමට සුදුසු පරිසරයකින් සමන්විත නිවාස පිහිටා ඇත්තේ ඉහත සඳහන් කළ නගර වල වීම මීට මූලිකම හේතුව වී තිබේ.

ඊට අමතරව මෙල්බර්න් නගරයට රාජකාරී කටයුතු සඳහා ඉතා දිගු වෙලාවක් ගමන් කිරීම මගහරින නගර ලෙසද  මේවා ප්‍රසිද්ධය.

නිවසක්  $750,000 ට වඩා අඩු වටිනාකමින් සහ වසර 5 කට වඩා පැරණි නම් මුද්දර ගාස්තු වට්ටමට සුදුසුකම් ලබයි.
first-home buyer
Source: SBS Sinhala

Share
Published 15 May 2019 12:15pm
By Madhura Seneviratne

Share this with family and friends