ඔස්ට්‍රේලියාවේ HIV ආසාදිතයන්ගේ ප්‍රමාණය කැපී පෙනෙන ලෙස පහත බසී. (SBS සිංහල/වාර්තා)

HIV

Source: SBS

ඔස්ට්‍රේලියාවේ HIV ආසාදිතයන්ගේ ප්‍රමාණය කැපී පෙනෙන ලෙස පහත බැස ඇති බව නවතම අධ්‍යනයකින් හෙළිවී තිබේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

එම පහත වැටීම පසුගිය වසර 18 තුළ වාර්තාවූ අවම අගය ලෙසද සඳහන්.
HIV
Source: SBS

ඔස්ට්‍රේලියාවේ HIV ආසාදිතයන්

ඔස්ට්‍රේලියාවේ HIV ආසාදිතයන්ගේ ප්‍රමාණය පහත වැටීමට ප්‍රධානතම හේතුව සමලිංගික පිරිමි සහ ද්වි ලිංගික සම්බන්ධකම් ඇති පුද්ගලයින්ට HIV වයිරසය අසාදනය පහත වැටීම බව වාර්තා වේ.

2018 වසරේදී ඔස්ට්‍රේලියාවේ HIV ආසාදිතයන් ප්‍රමාණය 835 ක් බව වාර්තා විය.

එම අගයත් සමග පසුගිය පස් වසර තුළ ඔස්ට්‍රේලියාවේ HIV ආසාදිතයන් ප්‍රමාණය 23% කින් පහත වැටී ඇත.

නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ Kirby ආයතනය විසින් මෙම අධ්‍යනය සිදු කර තිබේ.
HIV
Source: AAP

දත්ත සාරාංශය

Kirby ආයතනයේ වාර්තාවට අනුව සමලිංගික පිරිමි සහ ද්වි ලිංගික සම්බන්ධකම් ඇති පුද්ගලයින්ට HIV වයිරසය අසාදනය වීම 30% කින් පහත වැටී ඇත.

නමුත් සමලිංගික නොවන හෝ ස්වදේශික පුද්ගලයින් හට HIV වයිරසය අසාදනය වීම එවැනි වූ කැපී පෙනෙන පහළ යාමක් දක්නට නොලැබෙන බවද එම වාර්තාව පවසයි.

සාමාන්‍යයෙන් වසරකට සමලිංගික නොවන හෝ ස්වදේශික පුද්ගලයින් හට HIV වයිරසය අසාදනය වීම් 20% ක් පමණ වාර්තා වේ.

නමුත් පසුගිය වසර දෙක තුළ එම ප්‍රතිශතය 25% දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේදී කාන්තාවන් 84 දෙනකුට, ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසී පුද්ගලයින් 34 දෙනෙකුට HIV වයිරසය අසාදනය වී ඇති බව සඳහන්.
HIV
Source: SBS

HIV අසාදනය වීම වළක්වන පෙත්තක්

පසුගිය වසර කිහිපය තුළ HIV වයිරසය අසාදනය වීම වළක්වන ඖෂධයක් හඳුන්වා දීම ඕස්ට්‍රේලියාව තුළ සිදුකෙරුණු බව නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ Kirby ආයතනයේ මහාචාර්ය Andrew Grulich පවසයි.

එය pre-exposure prophylaxis (PrEP) නම් වේ.

HIV වයිරසය අසාදනය නොවූ පුද්ගලයින්ට මෙම පෙත්ත දිනපතා ගැනීමෙන් HIV වයිරසය සම්ප්‍රේෂණය නොවීමට හේතු වන බව ඔහු පවසයි.

මෙය පසුගිය වසරේ සිට ඔස්ට්‍රේලියාවේ Pharmaceutical Benefits වැඩසටහනට ද ඇතුළත් කර ඇත.
HIV
Source: SBS Sinhala

Share
Published 10 July 2019 12:35am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends