හැකර් ප්‍රහාරයක් හමුවේ Whatsapp දත්ත තර්ජනයට ලක් වීමේ අවධානමක ... (SBS සිංහල /වාර්තා)

sc

Source: Getty

Whatsapp මෘදුකාංගය ඔස්සේ අනවසරයෙන් ජංගම දුරකථන හා අනෙකුත් devices හි හැකර් ප්‍රහාර මගින් ඔබේ පෞද්ගලික දත්ත ලබා ගත හැකි වෙනත් spyware මෘදුකාංග ඇතුලත් කිරීමට හැකි වී ඇති බව වාර්තා වේ. Facebook සමාගමට අයත් whatsapp ආයතනය ප්‍රකාශ කොට ඇත්තේ මෙය බලපා ඇත්තේ whatsapp භාවිතා කරන තෝරා ගත් පිරිසකට පමණක් බවයි

මේ සදහා පිලියමක් පසුගිය සිකුරාදා යොදවා ඇති අතර සියලු whatsapp භාවිතා කරන්නන්ට එය නැවත update කරන්නට  උපදෙස් දී තිබේ .
වාර්තා වන අන්දමට මෙම හැකර් ප්‍රහාරයට සම්බන්ධ වී ඇත්තේ ඉස්රාලයේ NSO Group, නම් සංවිධානයයි.
Whatsapp ඔවුන්ගේ සන්නිවේදන ක්‍රමය කේතනය (encrypted) කොට ඇති නිසා ආරක්‍ෂිත බවට පැවසුවත් , මෙම ප්‍රහාරයත් සමග එම පාර්ශවයටද ඔබේ whatsapp පණිවිඩ කියවීමට අවස්තාව හිමිව තිබේ. මෙම ප්‍රහාරයට ගොදුරු වී ඇත්තේ වැඩිපුරම, ජනමාධ්‍යවේදීන්, නීතීඥයන් , ක්‍රියාකාරීන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් බවද වාර්තා වේ

Whatsapp හරහා ඇමතුමක් ලබා ගෙන එම ඇමතුමට ප්‍රතිචාර නොදැක්වුවත් එම අනවසර මෘදුකාංගය ඇතුලත් වීමට හැකි වී ඇති බව වාර්තා වේ. එසේම එම ඇමතුම ලැබුණු බවට දත්ත නොපෙනී යනු ඇති. whatsapp ආයතනය මෙම සිදුවීම ඔවුනගේ ආරක්ෂක පද්ධතියට හසු වීමෙන් පසුව මානව හිමිකම් සංවිධාන හා ඇමෙරිකානු රාජ්‍ය අධිකරණ දෙපාර්තමෙන්තුවත් දැනුවත් කල බව සදහන්

තාක්ෂණික වශයෙන් ගත්‍  කල voice over internet protocol නම් ක්‍රමය මගින් දත්ත ලබා ගැනීමට තෝරා  ගත්‍  දුරකථන අංක වලට මෙම spyware යොදා ඇති බවයි වාර්තා වන්නේ. විද්වතුන් පවසන්නේ මෙය ඉතා පැරණි තාලයේ දත්ත සොරා ගැනීමේ ක්‍රමයක් බවයි.

මෙම මෘදුකාන්ගය පසුපස සිටින්නේ කවුද ?

NSO Group ආයතනය මීට පෙරද cyber ආයුධ වෙළෙන්දන් ලෙස හඳුන්වන සංවිධානයක් වේ . එහි කොටස් වල හිමි කරුවන් ලෙස ලන්ඩන් නුවර Novalpina Capital ආයතනය හැඳින්විය හැකියි. NSO ආයතනහි Pegasus නම් මෘදුකාංගය විසින් මයික්‍රොෆෝන හා කැමරා බාවිතයෙන් ඉලක්ක කර ගන්න උපකරණයක දත්ත ලබා ගැනීමේ හැකියාව සතු වේ

මෙම හැකර් ප්‍රහාරය සිදු වුයේ කෙසේද ?

NSO ආයතනය ප්‍රකාශයක් නිකුත් කොට පවසා ඇත්තේ ඔවුන්ගේ මෘදුකාංග රාජ්‍ය ආයතන වලට අපරාධ මැඩලීම සදහා යොදා ගැනීමට ලියාපදින්චි කර ඇති බවයි. ඒ නිසා එම ආයතනය විසින් ඍජුවම මෙම පද්ධතිය ක්‍රියාත්මක නොකළ බව ඔවුන් පවසා තිබේ.

ඉලක්ක වී ඇත්තේ කවුරුද ?

තවම සියලුම ඉලක්ක වූ පිරිස් කිව නොහැකි බවයි Whatsapp ආයතනය පවසන්නේ. Amnesty International ආයතනය මීට පෙරද මෙවන් ප්‍රහාරයකට ගොදුරු වී ඇති නිසා නොදැනුවත්වම දුරකතනයට ඇතුල් විය හැකි මෙම හැකර් ප්‍රහාරයට ගොදුරු විය හැකි බවට එහි නිලධාරීන් පවසා තිබෙනවා

නමුත් තවමත් whatsapp ආයතනයට පහත ගැටළු වලට නිවැරදි ලෙස පිළිතුරු දීමට හැකි වී නැහැ .

  • කෙතරම් පිරිසක් ප්‍රහාරයට ලක්ව ඇත්ද ? - තවමත් නිශ්චිතව කිව නොහැකියි
  • Whatsapp යාවත්කාලීන කිරීමෙන් එම spyware මෘදුකාංග ඉවත් වේද? තවමත් එය ස්ථිර කොට නැහැ
  • මෙම spyware මගින් සිදුවන්නේ කුමක්ද ? whatsapp හරහා අපේ email ඇතුළු අනෙක් දත්ත වලටද යා හැකිද යන කරුණ තවමත් නිශ්චිත නැහැ
Source : BBC
card
Source: card

Share
Published 16 May 2019 6:48am
Updated 16 May 2019 7:05am
By Charitha Adikari

Share this with family and friends