ඔස්ට්‍රේලියාවේ නවතම Newspoll මත විමසුමට අනුව ලිබරල් සන්ධාන රජයට වඩා කම්කරු පක්ෂය තවමත් ඉදිරියෙන්.

Newspoll

Source: AAP

ඔස්ට්‍රේලියානු දේශපාලනය සම්බන්ධ ප්‍රධාන මත විමසුමක් වන Newspoll මත විමසුමේ නවතම වාර්තාවට අනුව වත්මන් ලිබරල් සන්ධාන රජයට වඩා තවමත් කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටියි.

ඒ අනුව කම්කරු පක්ෂය 52% ක ජනතා මනාපයක් හිමිකරගෙන ඇති අතර ලිබරල් සන්ධාන රජයට හිමිව ඇත්තේ 48% ක ජනතා මනාපයක් පමණි.

පසුගිය Newspoll මත විමසුමේදී ලිබරල් සන්ධාන රජයට වඩා කම්කරු පක්ෂය 8% ක ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටි නමුත් මෙවර එය 4% දක්වා අඩුවී තිබේ.

පසුගිය අඟහරුවාදා ලිබරල් සන්ධාන රජය ඉදිරිපත් කළ අය වැය මීට ප්‍රධානතම හේතුව බව පෙනී යයි.


Share
Published 8 April 2019 11:50am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends