ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා Big Bash 20-20 ක්‍රිකට් තරගාවලියක්.

Women's Big Bash to start in October

Source: AAP

ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා Big Bash 20-20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව ප්‍රථම කාන්තා Big Bash 20-20 ක්‍රිකට් තරගාවලිය මේ වසරේ ඔක්තෝබර් මාසයේදී ආරම්භ කෙරේ.

2019 කාන්තා Big Bash 20-20 ක්‍රිකට් තරගාවලියේ විස්තර සහ තරග කාල සටහන Cricket Australia ආයතනය විසින් ඊයේ (12/06) නිවේදනය කළේය.

ඒ අනුව මෙම තරගාවලිය එළඹෙන ඔක්තෝබර් 18 වන දින Sydney Oval පිටියේ පැවැත්වෙන Sydney Sixers සහ Sydney Thunder කාන්තා කණ්ඩායම් අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතය.

2019 කාන්තා Big Bash 20-20 ක්‍රිකට් තරගාවලිය තරග 59 කින් සමන්විත වන අතර දෙසැම්බර් 8 වන දින දක්වා එය පැවැත්වේ.




Share
Published 13 June 2019 11:30am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends