ඔස්ට්‍රේලියාවේ ඔබේ වාහනයත් airbag recall ලැයිස්තුවේ ඇත්නම් ඔබ වහාම කළ යුතු දේ මෙන්න SBS සිංහල වෙතින් ...

ඔබේ වාහනයේ Alpha Takata airbags ඇත්නම් එය ප්‍රතිස්ථාපනය කරගැනීමට අදාළ සේවා සැපයුම් ස්ථාන වෙත ධාවනය නොකරන ලෙසත් ඔබගේ වාහනයේ නිෂ්පාදකයින් අමතා ඒ පිළිබඳ දැන්වීමෙන් අනතුරුව ඔවුන් ඔබගේ නිවසටම පැමිණ වාහනය රැගෙන ගොස් සියලු දේ සිදු කර දෙන බව ACCC ය පවසයි.

airbag recall

Source: SBS

මාරාන්තික Takata airbags සහිත මෝටර් රථ මිලියන 3 කට ආසන්න සංඛ්‍යාවක් අනිවාර්යෙන් නැවත කැඳවීමට (compulsory recall) ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පෙරේදා  (28/02) තීරණය කළේය.

Alpha Takata airbags ප්‍රතිස්ථාපනය කිරීමේ අදාළ මෝටර් රථ නිෂ්පාදන සහ සේවා සැපයුම් ආයතන වල ප්‍රතිචාරය අසතුටුදායක මට්ටමේ පැවැතීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු රජය මේ තීරණය ගෙන තිබේ.

මෙය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ නිෂ්පාදනයක් නැවත කැඳවන දැවැන්තම අවස්ථාව වන අතර මීට පෙර පසුගිය වසරේ Takata airbags ප්‍රතිස්ථාපනය කිරීමට අදාළ මෝටර් රථ ස්වේච්ඡා කැඳවීමක් සිදු කරනු ලැබීය.

Takata airbags සහිත වාහන අනතුරට පත්වීමේදී ලොව පුරා මරණ 20 ක් පමණ සිදුව ඇති අතර පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවේද එක් මරණයක් වාර්තා විය.

මෙම අනතුරුදායක airbags සහිත වාහන හිමියන් 2020 වසරේ දෙසැම්බර් 31 වන දිනට පෙර තමාගේ වාහනයේ airbag එක අනිවාර්යෙන් ප්‍රතිස්ථාපනය කළ යුතු බව Australian Competition and Consumer Commission හෙවත් ACCC හි සභාපති Rod Sims පැවසු බව ABC පුවත් සේවය වාර්තා කොට තිබිණ.

Ford, GM Holden, Mercedes Benz, Tesla, Jaguar, Land Rover, Volkswagen, Audi, Skoda, BMW, Chevrolet, Chrysler, Dodge, Ferrari, GMC, Honda, Jeep, Lexus, Mazda, Mitsubishi, Nissan, Subaru, Toyota, Volvo සහ Hino Trucks  යන මෝටර් රථ නිෂ්පාදන වර්ග සඳහා මෙම අනිවාර්ය නැවත කැඳවීම අදාළ වේ.
මෝටර් රථ වාහන හිමියන්ට www.productsafety.gov.au යන වෙබ් අඩවිය හරහා තමන්ගේ මෝටර් රථ මාදිලිය මේ සඳහා අදාළ ද නැතිද යන්න පරීක්ෂා කරගත හැකිවේ.
ඔබේ වාහනයත් අදාළ වර්ග කිරීමට හසුව ඇත්නම් ඔබ ඊළඟට කුමක් කළ යුතුද යන්න මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
airbag recall
Source: SBS

වඩාත් අවදානම ඇත්තේ කා හටද?

මෙම නැවත කැඳවීමේදී Alpha Takata airbags සඳහා මූලිකත්වය දී ඇති අතර එම Alpha airbags සහිත වාහන හිමියන් හැකි ඉක්මණින් තම airbag එක අනිවාර්යෙන් ප්‍රතිස්ථාපනය කර ගත යුතු වේ.

ඔබේ වාහනයේ Alpha airbags ඇත්නම් එය ප්‍රතිස්ථාපනය කරගැනීමට අදාළ සේවා සැපයුම් ස්ථාන වෙත ධාවනය නොකරන ලෙසත් ඔබගේ වාහනයේ නිෂ්පාදකයින් අමතා ඒ පිළිබඳ දැන්වීමෙන් අනතුරුව ඔවුන් ඔබගේ නිවසටම පැමිණ වාහනය රැගෙන ගොස් සියලු දේ සිදු කර දෙන බව ACCC පැවසු බව ABC පුවත් වෙබ් අඩවිය සඳහන් කරයි.
එසේම ඔබගේ මෝටර් රථය නිෂ්පාදන සමාගම හෝ අලෙවි නියෝජිත සමාගමට ඔබගේ රථයේ Air බෑගය පැය 24 ක් ඇතුලත නැවත අළුතින් සවිකර දීමට නොහැකි වුවහොත් ඒ වෙනුවට ඔබට තාවකාලිකව පාවිච්චිය උදෙසා මෝටර් රථයක් ලබාදීමට එම සමාගම බැඳී සිටින බව SBS පුවත් සේවයට වාර්තා වනවා.
මීට අමතරව වසර 6 කට වඩා පැරණි වාහන සඳහා අධික අවදානම් තත්ත්වයක් පවතින බවද වාර්තා වේ.

එමෙන්ම, ඔබ Northern Territory හෝ ක්වීන්ස්ලන්තයේ උතුරු කොණට වන්නට සිටිනවා නම් ඔබේ වාහනයේ airbag එක ද හැකි ඉක්මණින් ප්‍රතිස්ථාපනය කර ගත යුතු වේ.
airbag recall
Source: SBS

මේ සඳහා ගෙවීමට අවශ්‍යද?

නැත. අදාළ වාහනයේ නිෂ්පාදකයින් එම පිරිවැය දරනු ඇත.

යම් හෙයකින් ඔබගෙන් යම් සේවා ආයතනයක් මුදල් අය කළහොත් ඒ පිළිබඳ වහාම වාර්තා කරන ලෙස Australian Competition and Consumer Commission හෙවත් ACCC ය පවසයි.

එමෙන්ම, අලෙවි නියෝජිතයින්ට පවා මේ සම්බනධයෙන් කිසිදු ගෙවීමක් කිරීමට සිදු නොවේ.

තවද, ඔබේ වාහනයේ airbag එක ප්‍රතිස්ථාපනය කර ගැනීමට ඒජන්තවරයෙකු වෙත ගිය විට ඔබට ඔබේ වාහනය නැවත ලැබෙන තෙක් කුලී පදනම සහිත වහනයක් ලබා ගත හැකිය.

මීට අමතරව, දුර බැහැර ප්‍රාදේශීය ප්‍රදේශයක ඔබ වාසය කරනවා නම් අදාළ ඒජන්තවරු ඔබේ නිවසට පැමිණිය යුතු වේ.
airbag recall
Source: AP

ඔබගේ වාහනයේ airbag එක ප්‍රතිස්ථාපනය කර ඇතත් ඔබට අවදානමක් තිබේද?

පිළිතුර ඇතැම් විට ඔව් යන්නය.

පසුගිය වසරේ ප්‍රකාශයට පත් ස්වේච්ඡා නැවත කැඳවීමට අනුව Takata airbags මිලියන 1.3 ක් ප්‍රතිස්ථාපනය කර ඇති බව වාර්තා වේ.

නමුත් තොරතුරු වලට අනුව airbags 450,000 ක් පමණ ප්‍රතිස්ථාපනය කළ යුතු බව පැවසේ.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Share
Published 2 March 2018 1:00am
Updated 2 March 2018 1:48pm
By Madhura Seneviratne

Share this with family and friends