ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් ගේ superannuation ගිණුම් වල ඉතුරුම් අනෙක් ඕස්ට්‍රේලියානුවන්ට වඩා ඉතා අඩු බවට වාර්තාවක් හෙළි කරයි

super

Source: AAP

නවතම වාර්තාවකට අනුව ඉංග්‍රීසි භාෂාව කතා නොකරන පසුබිමකින් පැමිණෙන සංක්‍රමණිකයින් ගේ superannuation ගිණුම් වල වත්කම් ඉංග්‍රීසි කතා කරන ඕස්ට්‍රේලියානුවන්ට වඩා අඩුවී ඇති බව හෙළි වී තිබෙනවා. යුවලකට අඩුම ගන්නේ ඩොලර් 640,000ක වත් super ගිණුමක් , හොඳ විශ්‍රාම කාලයක් ගත කිරීමට අවශ්‍ය බවයි වාර්තා වෙන්නේ. ඒ ඔවුන්ගේ නිවසේ නය ගෙවා අවසන් නම් පමණයි.


නමුත් Association of Superannuation Funds of Australia ආයතනය පවසන්නේ සංක්‍රමණික පවුල් වල එම ඉත්රුම් ඩොලර් 200,000 ට වඩා වැඩි වීමේ ප්‍රවනතාව අඩු බවයි. Household, Income and Labour Dynamics in Australia Survey නම් සමීක්ෂණයට අනුව හෙළි වී ඇත්තේ විදේශයක ඉපදුන කාන්තාවන්ගෙන් 66%ක් ම , විශේෂයෙන් වයස අවු. 55 -59 අතර කාන්තාවන්ගේ super ගිණුම් ඩොලර් 50000ක් පමණ වූ බවයි. විදේශයක ඉපදුන කාන්තාවන්ගෙන් ඩොලර් 200,000ට වඩා වැඩි super ගිණුමක් ඇත්තේ 7% කට පමණයි.


එම අගය විදේශයන්හි ඉපදුන පිරිමින්ගේ super අගය 44%ක අගය ඩොලර් 50000ක් වන අතර 20% කට ඩොලර් 200,000ට වඩා වැඩි අගයක් ලැබේ. මීට හේතුව වී ඇත්තේ එම සංක්‍රමණිකයන් ජීවිතයේ පසු කාලීනව ශ්‍රම බලකායට එක් වූ නිසා හෝ සුදුසුකම් වලට සරිලන රැකියා නොලැබීම හෝ සංස්කෘතික හේතු විය හැකියි .
එසේම සන්ක්‍රමනිකයන් ඔවුන්ගේ වත්කම් ඔවුන් විසින් දේපොළ වෙත යොදවීම වැඩි බවත් ඔවුන් superannutaion ආයෝජනයක් ලෙස පිලි නොගන්න බවත් හෙළි වී තිබේ.
ඔස්ට්‍රේලියාව තුල superannuation ගිණුම් සියල්ල එක තැනක ආයෝජනයක් ලෙස පවත්වා ගෙන යාමත් වැදගත් . එසේම වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ට තම නිවාස downsize කිරීම වැනි දෙයක් සදහා ද සහන ලබා ගත හැකි බව ඔබ දන්නවාද?
එසේම අඩු ආදායම් ලබන පුද්ගලයන්ට low-income superannuation tax offset යනුවෙන් හැඳින්වෙන බදු සහන ලබා ගැනීමේ අවස්ථාද හිමියි.
ඒ නිසා ඔබත් ඔබේ super ගිණුමට නිරන්තරයෙන් මුදල් ලැබේද යන්න සොයා බැලිය යුතු අතර එක ගිණුමකට සියලු මුදල් බැර කිරීමත් වැදගත්.

පහත වෙබ් අඩවි තුලින් වැඩි  විස්තර ලබා ගන්න 

 


Share
Published 25 April 2018 11:32pm
Updated 25 April 2018 11:46pm
By Charitha Adikari
Source: SBS News


Share this with family and friends