ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු ඇමති ලෙස Peter Dutton නැවතත්. ආගමන කටයුතු ඉවත් කරයි.

Peter Dutton sworn in as Home Affairs minister

Source: AAP

ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් හට නායකත්ව අභියෝගය එල්ල කළ හිටපු ස්වදේශ කටයුතු ඇමති Peter Dutton හට නව කැබිනට් මණ්ඩලයේ නැවතත් එම ධුරයම ලබා දී තිබේ.

නමුත් ඔහුගේ යටතේ තිබු ආගමන කටයුතු විෂයය David Coleman හට ලබා දී තිබේ.

David Coleman හට ආගමන කටයුතු පිළිබඳ පැතිකඩයන් කිහිපයකින්ම අවබෝධයක් තිබෙන හෙයින් තමන් ආගමන කටයුතු විෂයය ස්වදේශ කටයුතු ධුරයෙන් වෙන්කරමින් David Coleman හට ලබා දීමට තීරණය කළ බව ඔස්ට්‍රේලියාවේ නව අග්‍රාමත්‍ය Scott Morrison පැවසීය.

Peter Dutton, අද (27/08) උදෑසන නැවතත් ස්වදේශ කටයුතු ඇමති ලෙස දිවිරුම් දුන්නේය.
Peter Dutton reading an oath during his swearing-in ceremony
Peter Dutton reading an oath during his swearing-in ceremony Source: SBS
මේ අතර ඔස්ට්‍රේලියාවේ නව කැබිනට් අමාත්‍යවරු පත් කිරීමේදී ආගමන කටයුතු විෂයය ස්වදේශ කටයුතු ඇමති Peter Dutton ගෙන් ඉවත් කර පුරවැසිභාවය සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ කැබිනට් ඇමති David Coleman යටතට පැවරීම ඔස්ට්‍රේලියාවේ සරණාගතයින් පිළිබඳ කටයුතු කරන සංවිධාන සහ නීතිඥවරුන් ප්‍රසාදය පළ කරයි.

සංක්‍රමණ විරෝධී ප්‍රතිපත්ති රැසක් අමාත්‍ය Peter Dutton මගින් ක්‍රියාත්මක වූ බවත් ඔස්ට්‍රේලියානු පුරව්සිභාවය සඳහා යොමු කෙරුණු අයදුම්පත් විශාල ප්‍රමණයක් ඔහුගේ සමයේදී සැලකිල්ලට නොගෙන ගොඩගැසී ඇති බවත් සරණාගතයින් පිළිබඳ ක්‍රියාකාරීන්ගේ සංගමයේ නියෝජිත Ian Rintoul පැවසීය.

කෙසේවෙතත්, නව ආගමන කටයුතු ඇමතිවරයා යටතේ පසුගිය කාලයේ සිදුවූ නිෂේධනීය ක්‍රියා වල වෙනස්කම් සිදුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව Ian Rintoul, S-B-S පුවත් වෙත පැවසීය.

ආගමන කටයුතු විෂයය, ස්වදේශ කටයුතු ඇමතිවරයාගෙන් ඉවත් කිරීම පිළිබඳ තමන් තෘප්තිමත් වන බව මානව හිමිකම් නීති මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ Hugh de Kretser පැවසීය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share
Published 27 August 2018 11:53am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends