ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම උෂ්ණත්වය සෙල්සියස් 40 ඉක්මවයි. වික්ටෝරියා 46 ට.

Heatwave in Australia

Heatwave in Australia Source: SBS

ඔස්ට්‍රේලියාවේ කලාප කිහිපයකම උෂ්ණත්වය අද (04/01) දිනයේදී සෙල්සියස් අංශක 40 ඉක්මවා යන බව වාර්තා වේ.

එහිදී වික්ටෝරියා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර දකුණු ඔස්ට්‍රේලියාව සශ ටස්මේනියාව යන ප්‍රාන්ත වලද අද දිනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යන බව වාර්තා වේ.

අද දිනයේදී වික්ටෝරියානු ප්‍රාන්තයට බලපාන අධික උෂ්ණත්වය හේතුවෙන් ප්‍රාන්තය පුරාවටම total fire ban තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එමෙන්ම වික්ටෝරියානු ප්‍රාන්තයේ ගිනි අවදානම් තත්ත්වය 'Extreme' සහ 'Severe' ඛාණ්ඩ ලෙස වර්ගකර තිබේ.

මේ හේතුවෙන් අධික උෂ්ණත්වය සඳහා මුහුණ දීමට ඉතා හොඳින් සූදානම් වන ලෙස වික්ටෝරියානු ප්‍රාන්ත හදිසි සේවා කළමනාකරණ කොමසාරිස් Andrew Crisp ප්‍රාන්ත වාසීන්ට දැනුම් දෙයි.


Share
Published 4 January 2019 12:11pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends