ඔස්ට්‍රේලියාවට බාර ගන්නා වාර්ෂික සංක්‍රමණික කෝටාව 75,000 දක්වා අඩු කළ යුතු බවට Pauline Hanson ගෙන් යෝජනාවක්.

Pauline Hanson calls for a cut in immigration numbers to around 75,000 people per year.

Source: AAP

ඔස්ට්‍රේලියාවට බාර ගන්නා වාර්ෂික සංක්‍රමණික කෝටාව 190,000 සිට 75,000 දක්වා අඩු කළ යුතු බව One Nation  පක්ෂයේ නායිකා Pauline Hanson පවසයි.

පසුගිය මැයි 8 වන දින ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැය සම්බන්ධ අදහස් දැක්වීමකදී ඇය මේ බව Sky  පුවත් සේවයට පැවසුවාය.

සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය වැඩි වන විට රටට අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රමාණයද ඉහළ යන බවත් ඒ සඳහා අමතර මුල්‍ය ප්‍රතිපාදන සපයා ගත යුත් බවත් ඇය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් වර්තමාන ඔස්ට්‍රේලියානුවන් පීඩා විඳින බවත් මේ තත්ත්වය ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ දෙක වන ලිබරල් සන්ධානය සහ කමක්රු පක්ෂය තේරුම් ගන්නේ නැති බවත් Pauline Hanson  වැඩි දුර පැහැදිලි කළාය.

මෙවර අය වැයේදී රජය මේ පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි තමන් සිතු නමුත් එය සිදු නොවී ඇති බව ද ඇය පැවසුවාය.


Share
Published 11 May 2018 12:50pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends